සඳක් වෙන්න බැරි නම් ඔබ හට ඉරක් වෙන්න හැකි දෝ මා
හට
වෙහෙස දැනෙන මේ ජීවිතේ ..........
වැවක් වෙන්න බැරි නම් නුඹ හට ඇයි ද කිව්වේ වෙන්න
නිල දිය
දුකක් ඉතිරි මේ ජීවිතේ .............
ජිවිතේ හරි පුදුමාකාරයි නැද්ද? ජීවිතේ ?? ඇත්තටම ප්‍රශ්නාර්ථයක්................. ?
එකට උත්තර අපේ ඇස් ඉස්සරහ තිබ්බත් අපි ඒවා බාර ගන්නැත්තේ ඒවා අපිට ඕනේ උත්තර නෙමෙයි
නිසා.
ජිවීතේට ආදරේ ඕනේ. පොඩි කාලේ අම්මගෙයි තාත්තාගෙයි
ආදරේ අපිට නොඅඩුව ලැබෙනවා. ටික කාලෙකින් අපි වැඩිමහල් උනාම තව කෙනෙකුගේ ආදරේ ,
සෙනහස , ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි එක බලාපොරොත්තු වෙන කෙනගෙන්ම එක
අපිට ලැබෙනවද?
හොඳම යාලුවට ආදරේ කරන එක වරදක්ද? නෑ ....... මොකද
මගේ හොදම යාලුවත් මට ගොඩක් ආදරේ කළා. හැබැයි මට එයාට යාළුකම ඇරෙන්න වෙන දෙන්න ආදරයක්
තිබුනේ නෑ. . ඒ වෙනකොට මමත් වෙන කෙනෙක්ට හිතින් ආදරේ කරනවා. මගේ ආදරේ තාමත් මගේ
හිතේ තියනවා. හැබැයි එයා මට ආදරේ නෑ, එක මම දන්නවා. මට මගේ හොදම යාළුවා නැති උණා.
අදටත් මම මගේ හොදම යාළුවා කතා කරනකන් බලන් ඉන්නවා.
මගේ ආදරේ මම එයාට කිව්වා එත් එයාටත් මට යාළුකමකට
වඩා දෙයක් දෙන්න බෑ කිව්වා. මොකද එයත් තාම එයාගේ පලවෙනි ආදරේ ගැන දුක් වෙනවා. එයා අදටත් මගේ යාළුවෙක්. එයා මාව බලාගන්නවා.
එයාගේ සමහර දේවල් මාව තවත් එයාගේ පැත්තට අදිනවා.
මම දන්නවා එයා මට කවදාවත් ලං කරගන්න බැරි
මිරිගුවක් කියලා. එයාගේ සිසිලස, ආදරේ මට
ලං කරගන්න බෑ. එත් එයා මට එයාගේ තරහව හරි කමක් නෑ පෙන්නනවා නං මට එයා තාමත් මං ළඟ,
මං ගැන හොයනවා කියල හිත හදාගන්න පුළුවන්.
ඔයා තමයි මගේ පලවෙනි ආදරේ කියලා මං එයාට මට ආදරේ
කරන්න කියලා බල කරන්නෑ. එයා දන්නේ නැතුව ඇති මම තාමත් එයාට ආදරෙයි
කියලා. එයාට මට ආදරේ කරන්නත් බැරි නම් එයා
සමහර දේවල් යාලුවෙක්ගෙ සීමාවෙන් එහාට කරන්නේ ඇයි ද කියන එක මට ලොකු ගැටළුවක්.
එකෙන් දැනෙන දුක කියාගන්න තරම් වචන නෑ. මම තව දුරටත් එයාගේ ආදරේ ලැබෙනකන් බලාගෙන ඉන්නවද ? නැද්ද? එයා ළඟ ඉන්න ඉන්න දුක වැඩි මටම විතරයි. මට එයාට ආදරේ කරන්න බෑලු එහෙම කියලා මට එයාට වෛරය කරන්නත් බෑ.
.............................................
ජිවිතේ ගැන ගොඩක් දෙන ගොඩක් දේ කියනවා. ජිවිතේ
පුරාවටම අපේ හැගීම් දෝලනය වෙනවා. අපිට නොදැනීම ආදරය, කරුණාව , වෛරය, තරහව, ඊර්ෂයාව,
ක්‍රෝධය, දුක, සතුට මේ හැම දේම එක එක ප්‍රමාණ
වලින් විදින්න වෙනවා.
ජීවිතේ හරි පුදුමයි අපි ආදරේ කරන අය අපිට ආදරේ
නෑ. අපිට ආදරේ කරන අයට අපි ආදරේ නෑ. මේ හැගීම් එක්ක දබර කරලා අපි වෙනම ලෝකයක්
ගොඩනගන්නවා. අපි කවදාවත් ආදරේට ආදරේ කරන්නෑ, වෛරයට වෛරය කරන්නත් නෑ.
ලිපිය හොඳයි පොඩ්ඩෝ... ඇයි දැන් ලියන එක නවත්තලද? දිගටම ලියන්න.. ජය වේවා..
ReplyDeleteබොහොම ස්තුතියි!!
ReplyDelete